අ/කලත්තෑව මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

තෑගී ප්‍රදාන උත්සවය

WhatsAppImage2025-02-21at1441153
WhatsAppImage2025-02-21at1441153

පාසලේ අතීත වීකාශණය.

1937 වර්ෂයේ සිසු දරුවන් අට දෙනෙකුගෙන් හා ගුරු භවතුන් දෙපළගෙන් කුඩා පොල්අතු සෙවිලි කල මඩුවක ආරම්භ කොට ඇති එවකට සමාගම් පාඨශාලාව නමින් නම් කොට පැවති බව පැවති මෙම විදුහල 1965 වසරේ රජයේ පාසලක් බවට පත්කොට ඇත.70 දශකයේ දී පතිරාජ තෙන්නකෝන් මහා විද්‍යාලය බවට පත්ව අ.පො.ස උසස් පෙළ කලා විෂය යටතේ පන්ති පැවතිය ද 1977 න් පසුව උසස් පෙළ අහොසී වී හොස් ද්විතියික පාසලක් ලෙස ක්‍රියාත්මකව ඇත. නැවත උසස් පෙළ ආරම්භ වී ඇත්තෙ 2002 වසරේ දී ය.

පාසලේ වර්තමාන තත්ත්වය

2022 වසර වනවිට සිසු දරුවන් 705 ක පමණ පිරිසක් විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ආචාර්ය 55 දෙනෙකුගෙන් සමන්විතව ඇත. සාමාන්‍ය පෙළ විද්‍යාගාර පහසුකම්,පුස්තකාල පහසුකම්,පරිගණක සාක්ෂරතාව නැංවීමෙ පහසුකම්,සෞන්දර්ය ඒකක පහසුකම්,ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකක පහසුකම් විද්‍යාලය සතුව ඇත.අංග සම්පුර්ණ ලෙස නිම කරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් ද පාසල සතුව ඇත.මේවාට අමතරව ගුරු නිවාසයක් හා ක්‍රිඩා පිටියක්පාසල සතුව ඇත.

අවශ්‍ය භෞතික සම්පත් ප්‍රමාණයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් රේඛිය අමාත්‍යාංශයට අමතරව පළාත් අධ්‍යාපන අමාත්‍යාංෂය,පළාත් ඇධ්‍යාපන දෙපාර්තමේන්තුව,අධ්‍යාපන සේවා අමාත්‍යංශය ආදී රාජ්‍ය ආයතන මෙන්ම සුබපතන්නන් හා පෞද්ගලික ආයතන මැදිහත්ව ලබාදීමට කටයුතු කොට ඇත.අවශ්‍ය මානව සම්පත් ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමට මෙන්ම මානව සම්පත නිසි පරිදි කළමනාකරණයට ද විද්‍යාලය මේ වනවිට සමත්කම් දක්වා ඇත.එනිසාම විෂය ක්‍රියාකාරකම් වලදී මෙන්ම විෂය බාහිර වුද විෂය සමගාමී වුද ක්‍රියාකාරකම් වලදී ද ප්‍රදේශයේ බොහෝ පාසල් අභිබවා ප්‍රගතියක් අත්කර ගැනීමට අප පාසල සමත්කම් දක්වා ඇත.පාසල් පිරියත ඉගෙනුම් පරිසරයට සුදුසුවන අයුරින් සකසා ඇත.

ආරම්භ කළ වර්ෂය

1936

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

08

මුල් ගුරුතුමාගේ නම

ඩබ්ලිවු.එම්.මුදියන්සේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

පතිරාජ මහා තෙන්නකොන් විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1965