විදුහල්පති පණිවිඩය
දීපිකා කුමාරි මිය
රජරට පුරවරයෙන් ලංකා මාතාවට ඵලදායී පුරවැසියන් උරුමකරදීමේ ජාතික මෙහෙවරෙහි යෙදෙන අප පාසල අනුරාධපුර දිස්ත්‍රික්කයේ කීර්ති නාමයක් දිනා ඇති පාසලකි. ප්‍රාථමික හා ද්විතීයික අංශ යටතේ සිසුන් 750 ක් පමණ අධ්‍යාපනය ලබන අප පාසලේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් රාශියකි.
ජාතික විභාග ප්‍රතිඵල වර්ධනය හා සමගාමීව විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම්වල ජයග්‍රහණ හේතුවෙන් අද වන විට පාසල ප්‍රදේශයේ පාසල් අතර ප්‍රධාන තැනක් ගනී. මනා ප්‍රජා සබඳතාවන් පවත්වා ගැනීම මේ ජයග්‍රහණ සඳහා හේතුවී ඇත.
අප පාසල හා සම්බන්ධවී සිටින මෙන්ම සම්බන්ධ වන විවිධ පාර්ශව වෙත තොරතුරු හුවමාරුවේ දී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකිවනු ඇත යන්න මාගේ හැඟීමයි.
මෙම වෙබ් අඩවිය හා සම්බන්ධවී පාසලේ අභිවෘද්ධියට සහය දක්වන ලෙස සියලු පාර්ශවයන් වෙත ආරාධනා කරමි. එලෙසම මෙම කාර්යය ඉටුකිරීමේ ලා සහාය දුන් සැමට ස්තූතිය පුද කරමි.
දීපිකා කුමාරි මිය
විදුහල්පති
අ/කලත්තෑව මහා විද්‍යාලය.





