නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
තිලිනි තිලකරත්න
අනුරාධපුර ඓතිහාසික පුරවරයේ වැව්බැඳි දනව්වට හිමිකම් කියන ඉතාමනරම් පරිසරයක පිහිටාඇති අ/කලත්තෑව මහා විද්‍යාලය වර්තමානය වනවිට විරාජමානව වැජඹන පාසලක් ලෙස මම දකිමි.
නගරයේ පාසල් වලට නොදෙවෙනි සිසු හැකියා දස්කම් විස්කම් වලින් පිරිපුන් දරුවන් පිරිසක් ඉගෙනුම ලබන පාසලක් වන අතර එම දරුවන්ගේ හැකියා ඔප මට්ටම් කරන විවිධ දක්ෂතා ඇති ගුරුමඩුල්ලකගේ දායකත්වය ලැබෙන පාසලක් ලෙස මෙම පාසල හඳුන්වා දිය හැක. රටේ වටිනා සම්පතවන අනාගත දරුවන් තම ඉලක්ක කරා ගෙන යාමත් මනා පෞරුෂයකින් හෙබි අගනා දරු පිරිසක් බිහි කිරීමට අප විදුහල්පති තුමිය ඇතුලු අප සැම ගන්නා උත්සහය වර්තමානය වන විට මල් පල ගැන්වී ඇත.ඒ අරමුණට අත දෙන පාසල් ප්‍රජාවක් සිටීම ද අප ලැබූ භාග්‍යකි.මා පාසලට පැමිණි දිනසිට අප පාසල ලැබූ ජයග්‍රහණ අපමණය. ඒ අපමණ වූ ජයග්‍රහණ පිටුපස අප පාසලේ විදුහල්පපති තුමිය නියෝජ්‍ය විදුහල්පති ත්‍රිත්වය වන අපත් ,අප හා අත් වැල් බැඳගන්නා අපේ ගුරුමඩුල්ලත් මම ඉතා සතුටින් සිහිපත් කරන්නෙමි.
නිපුණතා සපිරි සදාචාර සම්පන්න සිසු පරපුරක් බිහි කරීම අපගේ දැක්මයි.දරැවන්ගේ කායික,මානසික සුවය මෙන්ම අනාගත අභියෝග ජයගත හැකි නිර්මාණශීලී සිසු පරපුරක් බිහිකිරීම අපගේ ඒකායන පරමාර්ථයයි.අප පාසලේ ඉදිරි ගමනට සුභාසිංසන එක්කරන්නේ හදපිරි සතුටිනි.
තිලිනි තිලකරත්න
නියෝජ්‍ය විදුහල්පති
අ/කලත්තෑව මහා විද්‍යාලය.





