ජනමන නන්දන වේ
වීදු නැණ පහන් කරේ
කලත්තෑව විදුහල් මැණී
නමදිමු අප සැමදා..../
හෙළ විරුවන්ගෙන් අතීතයේ
ලද පහසින් ඔබ ඔදතෙද වී
රට දැය රකිනට
නිසි මග යන්නට
අප කැදවා යන්නේ....../
ජනමන නන්දන වේ.....//
යහගුණයෙන් අප හද සරසා
සමගි බලෙන් සවීබල සරසා
අවිදු අදුර බිද දුරුකර ලන්නට
පහන් ටැඹක් වේවා....මවුනී.../
පහන් ටැඹක් වේවා......//





